පළමු මාස 05 තේ අපනයන ආදායම ඩොලර් මිලියන 600 ඉක්මවා යයි

මේ වසරේ (2025) පළමු මාස පහේදී තේ සහ පොල් අපනයන ආදායම් සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබේ.

මේ අනුව තේ අපනයන ආදායම ගිය වසරේ (2024) පළමු මාස පහේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 565.3 සිට මේ වසරේ (2025) මුල් මාස පහේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 610.1ක් දක්වා සියයට 7.9කින් වර්ධනය වී ඇත.

එසේම පොල් අපනයන ආදායම ගිය වසරේ (2024) මුල් මාස පහේදී වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 158.2 සිට මේ වසරේ (2025) පළමු මාස පහේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 198.1ක් දක්වා සියයට 25.3කින් ද වර්ධනය වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා නිකුත් කළ නවතම වාර්තාවක මේ බව දැක්වේ.

මේ මාස පහක කාලයේදී කළුබඩු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 171.1ක් දක්වා සියයට 55.8කින් ද වර්ධනය වී ඇති බව වාර්තාවේ දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *