රුපියල් 3,000ක අල්ලස් මුදලක් ලබා ගත් පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා. රද්දොළුගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අදාළවයි අල්ලස් කොමිසම විසින් අදාළ පොලිස් නිලදාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
පැමිණිලිකරුගේ රථවාහන වරදක් සම්බන්ධයෙන් රියදුරු බලපත්‍රය භාරයට ගෙන ඒ සඳහා නීති මගින් කටයුතු නොකර රියදුරු බලපත්‍රය ආපසු ලබා දීම සඳහා රුපියල් 3,000ක අල්ලස් මුදලක් අදාළ පොලිස් නිලධාරියා විසින් ලබා ගෙන තිබුණා.
රද්දොළුගම පොලිස් ස්ථානයේ අදාළ පොලිස් කොස්තාපල්වරයා ඊයේ (14) රාත්‍රියේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.