වසර දහයකට පසු ලංකා සතොස කෝටි 20ක ලාභයක් වාර්තා කරයි

ලංකා සතොස ආයතනය වසර 10කට පසු 2023 වසරේදී රුපියල් කෝටි 20ක (මිලියන 200) වාර්තාගත දළ ලාභයක් හිමි කරගෙන තිබේ.

එම වසරේදී සතොස ලබා ඇති ආදායම කෝටි 5700ක් (බිලියන 57ක්) වේ. මෙහෙයුම් ලාභය පමණක් රුපියල් කෝටි 120ක් (මිලියන 1200) වේ. මේ ලාභය වසර 10කට පසු ලැබූ වැඩිම ආදායම බවත් වත්මන් වෙළෙඳ ඇමැතිවරයා සතොස සභාපතිවරයාව සිටියදී ලැබූ ලාභයට පසු මේ ලාභය හිමි කරගෙන ඇති බවත් ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා ‘දිනමිණට’ ඊයේ (11) පැවැසීය.

2022 වසරේ සතොස ආයතනය පාඩු ලබමින් පැවැති අතර එය ලාභ ලබන තත්ත්වයට ගෙන ඒමට කටයුතු කළ එහි සියලු සේවකයන්ට ස්තූති කිරීමට මෙය අවසථාවක් කර ගන්නා බව සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *