චමින්ද්‍රාණි කිරිඇල්ලට නිකුත් කළ අක්කර 43 පනතට අනුකූල නෑ – කෝප් කමිටුව හෙළි කරයි

ආන්දෝලනයට තුඩු දී ඇති ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයිතිව තිබු හන්තානවත්ත ප්‍රදේශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී චමින්ද්‍රානි කිරිඇල්ලට අක්කර 43ක ඉඩමක් නිදහස් කර ඇත්තේ ඉඩම් ප්‍රතිසංස්රණ පනතින් බැහැරව බවට කෝප් කමිටුවේදි අනාවරණ වී තිබෙනවා. ඒ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව එම කමිටුව හමුවට කැඳවු අවස්ථාවේදි.

එහිදී පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර විසින් යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් පද්මසිරි ලියනගේ මහතා පැවසුවේ, චමින්ද්‍රානි කිරිඇල්ල යන අයට ඉඩම් ලබා දීමට කිසිදු බැදීමක් නොමැති බවයි.

”මේ ඉඩමට අදාලව අක්කර 50 ඉක්මවන ප්‍රකාශකයින් ඉන්නවා 22ක්. ප්‍රකාශකයින් නොවන අය ඉන්නවා 46 දෙනෙක්. මේ කිසි කෙනෙකුට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් මෙතෙක් ඉඩම් බැහැර වීමක් සිදු වෙලා නෑ. ප්‍රකාශකයින් නොවන අයට ඉඩම් බැහැර කිරීමට කිසිම අයිතියක් අපිට නෑ. මොකද ඒ ඉඩම් කොමිසන් සභාවට පැවරෙන්නේ නැති නිසා. ඒ අනුව චමින්ද්‍රානි කිරිඇල්ල කියන කෙනාට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් ඉඩම් දෙන්න කිසිදු බැදීමක් නෑ”යැයි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *