ඉතිහාසය විසින් මගේ පියා නිදොස්කොට නිදහස් කරනු ඇත – චතුර සේනාරත්න

ඉතිහාසය විසින් සිය පියා නිදොස්කොට නිදහස් කරනු ඇතැයි, හිටපු ධීවර කටයුතු අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්න පවසයි.

ඒ, අද, ඔහු අත්අඩංගුවට ගතහොත් ඇප ලබා දෙන ඉල්ලමින්, අල්ලස් කොමිසමට එරෙහිව, හිටපු අමාත්‍යවරයා ගොනුකර තිබූ අපේක්ෂිත ඇප අයදුම් පත්‍රය ප්‍රතික්ෂේප වීමෙන් පසුව යි.

අපේක්ෂිත ඇප අයදුම්පත ඉදිරිපත් කළ රාජිත සේනාරත්න අධිකරණය මගහැර තිබුණු අතර, මාධ්‍යවේදීන්ට මුහුණ දීමට සිදු වූවේ ඔහුගේ පුත් චතුර සේනාරත්නටයි.

රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා රෝගී තත්ත්වයකින් පීඩා විදින බව පවසා අල්ලස් කොමිසම මඟ හරින බව එම කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිළධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ ය.

සිය පියා නුදුරු දිනයකදීම අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව මාධ්‍යවේදීන් අමතමින් චතුර සේනාරත්න පැවසී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *