ආර්ථිකය හරියට කළමනාකරණය නොකළොත් රටේ සියලු ජනතාවට ටින් එකක් අරගෙන රටවල් ගානේ ගොස් සිඟා කන්නට සිදුවනු ඇතැයි සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා. ළූණු ගෙඩි දෙකක්, කැරට් අලයක් අරගෙන ගෙදර යන ජනතාව දැකීම සංවේදී දර්ශනයක් බවයි ඇය කියන්නේ. විපක්ෂයට මේ ප්‍රශ්නයෙන් රට මුදා ගන්නට ක්‍රමයක් තිබේදැයි ඇය විමසනවා.
වැට් බද්ද වැඩි කර ජනාධිපතිවරයා වින්දනයක් නොලබන බව කියන රාජ්‍ය අමාත්‍යවරිය සදාකල්ම ණය ඉල්ලමින් ඇවිදින පරපුරක් බිහි කිරීම ජනාධිපතිවරයාගේ දර්ශනය නොවන බව පවසනවා.
සජබ නියෝජනය කළ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාගේ ඉල්ලා අස්වීම සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිරූපය සකස් කිරීමට ගැසූ මොන්ටිසෝරි ගැටයක් බවයි සංචාරක රාජ්‍ය ඇමතිනිය පවසන්නේ. මෙවැනි අවස්ථාවලදී ‘පිටුව පෙරළුවට සීතා.. පොත දන්නවා රාමා’ ගීතය මතකයට එන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරිය චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා ගහපු ගැටය ගැන කාටත් වඩා හොඳින් ජනතාව දන්නා බවද ප්‍රකාශ කරනවා.
ඇය කියන්නේ රට ආර්ථික අර්බුදයෙන් මුදාගත් රනිල් වික්‍රමසිංහ මහතා නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබිය යුතු බවයි.