රනිල්ට බාලදක්ෂ ලේන්සුව පළඳවයි

සමස්ත ලංකා බාල දක්ෂ සංගමයේ නිල කර ලේන්සුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැළඳවීම කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී අද සිදු කෙරිණි.

සමස්ත ලංකා බාල දක්ෂ සංගමයේ සම සභාපතිනී චමෝදිකා ලෝවි මෙනවිය විසින් රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ ලේන්සුව පැළඳවීම සිදු කෙරිණි.

මීට මසකට පමණ පෙර ස්වර්ගස්ථ වූ ආචාර්ය ඩබ්ලිව්. චම්පික ලෝවි මහතා විසින් ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ දෙවැනි බාල දක්ෂ සංගමය වන සමස්ත ලංකා බාල දක්ෂ සංගමයේ බාල දක්ෂ සේවා හා මහජන සම්බන්ධතා මාසය අදින් (23)  ආරම්භ වූ අතර ඒ නිමිත්තෙන් මෙම ලේන්සු පැළඳවීම සිදුකෙරිණි.

සමස්ත ලංකා බාල දක්ෂ සංගමයේ වැඩ මාසය නිල වශයෙන් ඇරැඹීමද මෙහිදී සිදුවිය. එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *