අඩු මිලට ලයිසන් කාඩ් ගන්න මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සූදානම් වෙයි

රියැදුරු බලපත්‍ර කාඩ්පත් අඩුමිලට සපයා ගැනීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී.

මේ වනවිට එක් රියැදුරු බලපත්‍ර කාඩ්පතක් මිලදී ගැනීම සඳහා රුපියල් 1300ක් පමණ වැයකර ඇති අතර එම මුදල රුපියල් 500 පමණ දක්වා අඩුකර නව බලපත්‍ර කාඩ් ලබාගැනීමට අවධානය යොමුකර ඇතැයි එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

රියැදුරු බලපත්‍රලාභීන්ගේ තොරතුරු ඇතුළත් කර චිප් එකක් සහිතව රියැදුරු බලපත්‍රයක් සඳහා වැඩි මුදලක් ගෙවා ඇතත් එම පහසුකම එම කාඩ්පතෙන් නොලැබෙන නිසා වැඩි මුදලක් ගෙවා එවැනි කාඩ්පත් මිලදී ගැනීම අමතර වැයක් බවත් ඔහු කීය.

මේ වනවිට මාස දෙකක සිට වාහන සඳහා අංක තහඩු නිකුත් නොකරන බවත් එම අංක තහඩු නිෂ්පාදනය කෙරෙන තහඩු මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවා අනෙකුත් ක්‍රියාදාමයන් සිදුකරමින් ඇති බවත් ඒ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *