ඉන්ධන මිල තවත් අඩුකළ හැකි සැලැස්මක් ගැන තෙල් සංස්ථාවේ අවධානය යොමු වෙයි

ඉන්ධන මිල තවදුරටත් පහත දැමිය හැකි ක්‍රමවේදයක් පිළිබඳ අවධානය යොමු කර ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඒ, ඉන්ධන සැපයුම්කරුවන්ගේ බවුසර් රථවල අමතර කොටස් ඇතුළු අනෙකුත් නඩත්තු වියදම් අවම කිරීම මගිනි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා සඳහන් කළේ, වියදම් කළමනාකරණ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැපයුම්කරුවන් එකඟතාව පළකළ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *