නීති විරෝධීව එකලස් කරන ලද ජීප් රථයක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයට අදාල ප්‍රධාන සැකකරුවකු ලෙස හදුනාගෙන සිටින, හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ දියණියගේ සැමියා, අද මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබේ.
මෙම ජීප් රථය රෝහිත අබේගුණවර්ධනගේ දියණියගෙන් මිලදී ගෙන සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන්, මේ වන විටත්, කළුතර දිස්ත්‍රික් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුතා වලාන දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි.