දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් ඉවත්කරන විවාදය අගෝස්තු 05වනදා

වැඩ තහනමට ලක්වී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාව අගෝස්තු 05 වන දා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

දේශබන්දු තෙන්නකෝන්ට එල්ල වූ චෝදනාවලට වරදකරු බවට ඔහු පිළිබඳව විමර්ශනය කළ පරීක්ෂණ කමිටුව දැනුම් දී ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ජූලි 22 වන දා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.

මෙම පරීක්ෂණ කමිටුව පත් කළ යුතු බවට වන යෝජනාව මේ වසරේ අප්‍රේල් 08 වන දා පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත විය.

එම කමිටුවේ සභාපතිවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන කටයුතු කළ අතර සෙසු සාමාජිකයින් ලෙස විනිසුරු නීල් ඉද්දවෙල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායක කටයුතු කළහ.

මෙම පරීක්ෂණ කමිටුව අවස්ථා 10කට වැඩි ගණනකදී රැස්වී සාක්ෂි සටහන් කර ගැනිණි. විෂමාචාරය සහ ධූරයේ බලතල අනිසි ලෙස භාවිත කිරීම ඇතුළු චෝදනා 20කට අධික සංඛ්‍යාවක් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව එල්ල කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *