රටේ සාමාන්‍ය පොල් අස්වැන්න පොල්ගෙඩි මිලියන 3000ක් වුවත් රටේ අවශ්‍යතාවට පොල්ගෙඩි මිලියන 4500ක් පමණ අවශ්‍ය යැයි පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග මහතා (22දා) පැවසීය. තවත් වසරකට පසු පොල්තෙල් වශයෙන් වෙළෙඳපොළට පැමිණිය හැක්කේ ඇසුරුම් කරන ලද පොල්තෙල් පමණක් බවද ඒ මහතා කියා සිටියේය.
2030 වනවිට ශ්‍රී ලංකාවේ පොල්ගෙඩි අස්වැන්න පොල්ගෙඩි මිලියන 4200 දක්වා වැඩිකර ගැනීමට සැලසුම් කර ඇති බවද ඒ මහතා පැවසීය. ඒ සඳහා පොල් සංවර්ධන අධිකාරිය, පොල් වගා කිරීමේ මණ්ඩලය හා පොල් පර්යේෂණ ආයතනය සමග ඒකාබද්ධව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ කෙටිකාලීන, දීර්ඝකාලීන වැඩසටහන් ක්‍රියාත්මක කරගෙන යන බව සභාපතිවරයා කීය. පොල් කර්මාන්තකරුවන් දැනුවත් කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ (22දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව කිවයා සිටියේය.
රටේ පොල්තෙල් සම්බන්ධයෙන් ගැටලු මතුවී ඇති බවත් පොල්තෙල් සමග වෙනත් තෙල් වර්ග මිශ්‍ර කිරීම සිදුවන බවත් එසේ මිශ්‍ර කිරීම් සිදුවන්නේ පොල්තෙල් නිෂ්පාදනාගාරවලදී නොව අතරමැදි අවස්ථාවලදී බවත් සභාපතිවරයා කීය. එම නිසා වසරක සහන කාලයකින් පසු වෙළෙඳපොළට පොල්තෙල් නිකුත් කිරීමේදී කාලේ බෝතලයේ සිට ලීටර් 20 දක්වා ලේබලයක් සහිතව ඇසුරුම් කර පමණක් අලෙවි කිරීම අනිවාර්ය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ඒ මහතා කියයි.
මේ සඳහා අනුගත වීමට කර්මාන්තකරුවන්ට වසරක සහන කාලයක් ලබාදීමට අනුමැතිය ලැබී ඇති බවද හෙතෙම පැවසීය. වසර 02ක් වැනි කාලයක් තුළ මෙරට ජනතාවට උසස් ප්‍රමිතියෙන් යුතු ීඛී සහතිකය සහිත පොල්තෙල් නිකුත් කරන තත්ත්වයට නිෂ්පාදකයන් පත්කිරීම තම අරමුණක් බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.