ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පැපර්ජෝර්ජියෝ ඇතුළු නියෝජිත පිරිසක් ජූලි 21 සහ 25 අතර කාලය තුළ දිවයිනට පැමිණ සිටි අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධීක්ෂණය මත සිදුවන ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය පිළිබදව සාකච්ඡා කිරීම එම සංචාරයේ අරමුණ වී තිබුණි.
සංචාරය අවසන් කරමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී, එවන් පැපර්ජෝර්ජියෝ, විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේ ය.
එම මාධ්‍ය නිවේදනයට අනුව, ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළ ප්‍රශංසනීය ප්‍රතිඵල ලබා දෙමින් සිටින බව ඔහු පවසයි.
විශේෂයෙන්ම, 2025 වසරේ පළමු කාර්තුව තුළ වාර්තා වන 4.8% ක ආර්ථික වර්ධනය, අදාල කාර්තුව තුළ ආර්ථිකය වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කළ මට්ටමද ඉක්මවා ඇති බව ඔහු පවසයි.
එසේම, ඩොලර් බිලියන 6.1 ඉක්ම වූ නිල විදේශ සංචිත ප්‍රමාණයක් රැස්කර ගැනීමට හැකි වීම සහ උද්දමය අපේක්ෂා කරන මට්ටම දක්වා පැමිණ තිබීම ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රශංසාවට ලක්ව තිබේ.
ඊට අමතරව, වැට් බදු සහ ආනයනික මෝටර් රථ සදහා වන බදුවල ශක්තිමත් ක්‍රියාකාරීත්වය මත බදු ආදායම ඉහළ නංවා ගැනීමට ශ්‍රී ලංකා රජයට හැකි වි තිබීමද මූල්‍ය අරමුදලේ ඇගැයීමට ලක්ව තිබේ.
කෙසේ වෙතත්, ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් පනවා තිබෙන නව තීරු බදු අනුපාත සහ වර්ධනය වෙමින් පවතින භූ දේශපාලන ආතතීන් හේතු-වෙන් යම් කිසි අවදානමක් නිර්මාණය වී තිබෙන බවද මූල්‍ය අරමුදල අවධාරණය කරයි.
ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය යතා තත්ත්වයට පත්කර ගැනීම සදහා ප්‍රධාන අවශ්‍යතාවයක් වන, දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3% ක් වූ ප්‍රථමික ශේෂ ඉලක්කය සපුරා ගැනීමේ අරමුණ මත පදනම්ව 2026 සදහා වන අයවැය සකස් කිරීමේ වැදගත්කම ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කර තිබේ.