පශු සම්පත් සංවර්ධන මණ්ඩලය හරහා ලංකාවේ ප්‍රථම වරට මීකිරි යෝගට් ලබන සතියේ සිට වෙළදපොළට

ලබන සතියේ සිට මීකිරි යෝගට් වෙළෙඳපොළට හඳුන්වා දීමට කටයුතු කර ඇතැයි ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය බී.සී.එස්. පෙරේරා මහතා පවසයි.

මීකිරි යෝගට් මෙරට වෙළෙඳපොළට හඳුන්වා දෙන්නේ ප්‍රථම වරට බව පැවසූ සභාපතිවරයා, මණ්ඩලය සතු සියලු අලෙවිසල්වලින් මේ යෝගට් මිලදී ගත හැකි බවද කියා සිටියේය.

ජනතාවට ගුණාත්මක කිරි ආශ්‍රිත නිෂ්පාදන සැපයීමේ පියවරක් ලෙස මෙසේ මීකිරි යෝගට් හඳුන්වා දෙන බවත් මේ සඳහා කිසිදු රසකාරකයක් අන්තර්ගත නොකරන බවත් ඔහු පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *