නඩත්තු වියදම් ඉහළයි – වී එයිට් තුනක් ඇතුළුව අගමැති කාර්යාලයේ තවත් සුඛෝපභෝගී වාහන පහක් වෙන්දේසි කිරීමට තීන්දු කරයි

වී එයිට් තුනක් ඇතුළුව තවත් සුඛෝපභෝගී මෝටර් රථ පහක් වෙන්දසි කිරීමට අග්‍රාමාත්‍ය කාර්යාලය සූදානම් වේ. 

නඩත්තු පිරිවැය දැරිය නොහැකි තරම් ඉහළ අගයක් ගැනීම මෙම සුඛෝපභෝගී මෝටර් රථ වෙන්දේසි කිරීමට හේතුවයි. 

අග්‍රාමාත්‍ය කාර්යාලය සතු සුඛෝපභෝගී මෝටර් රථ වෙන්දේසි කරන දෙවැනි අවස්ථාව මෙයයි. පෙබරවාරියේ දී පළමු වාහන වෙන්දේසිය සිදු කළ අතර, එම අවස්ථාවේ දී අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති අවුඩි, මර්සඩීස් බෙන්ස්, බීඑම්ඩබ් ඇතුළු සුඛෝපභෝගී මෝටර් රථ දහතුනක් වෙන්දේසි කරන ලදී. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *