හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යලි රිමාන්ඩ් කරයි

කිරිබත්ගොඩ නගරයේ රුපියල් කෝටි 2 ක් වටිනා ඉඩමක් කූට ලේඛන සකස් කර අලෙවි කිරීමේ සිද්ධියකට අදාළව චෝදනා එල්ල වී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනා ලබන අගොස්තු මස 4 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ ඊට අදාළ නඩුව අද මහර මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා හමුවේ කැදවූ අවස්ථාවේදීයි.

එමෙන්ම, හිටපු අමාත්‍යවරියක වන චන්ද්‍රාණි බණ්ඩාරට එරෙහිව අල්ලස් කොමිසම පැවරූ නඩුව ද සැප්තැම්බර් මස 4 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර නියෝග කළා.

යහපාලන ආණ්ඩු සමයේ වියළි කළාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කරමින් වියළි කලාප සංවර්ධන ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ධුරය ඇතුළු තනතුරු කිහිපයක් හිතවතුන්ට ලබාදීම ඇයට එල්ල වී ඇති චෝදනාව වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *