වෘත්තීය විෂය ධාරාවෙන් උසස් පෙළ හැදෑරීමට කැමැත්ත දක්වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ඒ සදහා අයදුම්පත් කැදවා තිබේ. මේ සදහා අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සලකා බැලීමක් සිද්ධ නොවන බව පැවසේ.
වෘත්තීය විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරණ සිසුන්ට වසර දෙක අවසානයේ දී දේශියව සහ ජාත්‍යන්තරව පිළිගත් එන්.වී.ක්යු සහතික පත්‍රයක් ලබා දේ.
2024 හෝ 2025 යන වසර වල අපොස සාමාන්‍ය පෙළට පෙනී සිටි සිසු දරුවන්ට තම ප්‍රදේශයේ තිබෙන වෘත්තීය විෂය ධාරාව උගන්වන ඕනෑම පාසලකට අයදුම් කළ හැකි ය.
සංචාරක සහ ආගන්තුක සත්කාර, මෝටර් රථ වාහන තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, සෞඛ්‍ය හා රැකවරණ සේවා, මැණික් හා ස්වර්ණාභරණ තාක්ෂණය, රූපලාවන්‍ය, කලා සහ අත්කම්, ආහාර නිෂ්පාදනය, වෙල්ඩින්, කෘෂිකර්මාන්ත, වැවිලි කර්මාන්ත ඇතුළු තවත් ක්ෂේත්‍ර රැසක වෘත්තීය පුහුණුව සදහා සිසුන්ට අවස්ථාව හිමි වේ.