හිටපු ජනාධිපති වරප්‍රසාද ඉවත් කරන පනත් කෙටුම්පත ගැසට් කරයි

හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට හිමිවන විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට හැකි වන පරිදි, 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිරීමට අදාළ පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා.

ඒ අනුව, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියෝගය පරිදි මෙම පනත් කෙටුම්පත ගැසට් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එම පනත් කෙටුම්පත අනුව හිටපු ජනාධිපතිවරයෙකුට හෝ වැන්දඹුවකට සපයන ලද යම් නිවසක් හෝ ගෙවන ලද මාසික දීමනාව, හිටපු ජනාධිපතිවරයෙකුට හෝ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවකට ගෙවන ලද මාසික ලේකම් දීමනාව, ප්‍රවාහන සහ වෙනත් පහසුකම් සහ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවකට ගෙවන ලද මාසික විශ්‍රාම වැටුප යනාදිය ඉවත් කිරීමට නියමිතයි.

හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට හිමිවන විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට හැකි වන පරිදි 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිරීමට පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවී තිබුණා.

Source – esena

Leave a Reply

Your email address will not be published. Required fields are marked *