තමා පවුල් දේශපාලනයට විරුද්ධ වන බවත්, ඒ හේතුවෙන් තමා ගෝඪාභය රාජපක්ෂ මහතාව බලයට ගෙන එමට උත්සහ දැරූ බවත්, සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ, ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම ආසනයේ හාපිටිගම කොට්ඨාසයේ සර්වජන සභාව පිහිටුවන අවස්ථාවට එක්වෙමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,
“නිශ්චිත වැඩපිළිවෙළක් එක්ක තමයි දේශපාලනයට ආවේ. අපිට වෙන දේශපාලනයක ඇත්තෙත් නෑ. අපිට වැඩකුත් නෑ. මොකද අපි මෙ දේශපාලනයෙන් යමක් ගන්න ආපු අය නෙවෙයි. දේශපාලනයට ආවේ අපි යුතුකමක් ඉෂ්ට කරන්න. දැන් මහ මැතිවරණයේදී කිව්වා අපිට අවශ්‍යයි එඩිතර විපක්ෂයක් ලෙස අභීතව කටයුතු කරමින් නිර්භයව ජනතා මතය පාර්ලිමේන්තුව තුල නියෝජනය කරමින්, ඒ වගේම ජන සමාජය සමඟ බෙදා හදා ගනිමින් ආණ්ඩුවට අවශ්‍ය විටෙක අපි හරි යයි කියලා හිතෙන විට දැන් ආන්ඩුවේ ඉන්න අය විපක්ෂයේ ඉන්න කොට හැසිරුණු විදිහට හැසිරෙන්නේ නැතුව සාධනීය සංවාදයක යෙදෙන්නට තමයි අපි අපේ කැම්පෙන් එක කළේ. අපි කිව්වේ අපිව පාර්ලිමෙන්තු යැව්වොත් අර ජවිපේ වගේ හැමදේටම විරුද්ධ වෙන දේශපාලනයක නියුක්ත වෙන්නේ නෑ කියලා…
විශේෂයෙන් මම පහුගිය දේශපලානයේ තිබුණු ඒ පවුල්වාදයට විරුද්ධ වෙච්ච කෙනෙක්. දූෂණයට විරුද්ධ වෙච්ච කෙනෙක්. තාත්තගෙන් පියාට දේශපලානය යන එකට විරුද්ධ වෙච්ච කෙනෙක්. ඒ වෙනුවෙන් මම මගේ ශක්ති ප්‍රමාණයෙන් දිගින් දිගටම පෙනි සිටිය කෙනෙක්. රාජපක්ෂ පවුලේ ගෝඨාභය රාජපක්ෂ මහතාව තෝරාගෙන දේශපාලනයට ගේන්න ඕනේ කියලා අපි හිතුවේ ඒ නිසා. ඇත්ත්ටම එතුමා ලබා දුන්න ආදර්ශය එතුමාගේ කුඩා නිවසේ සිට ආරක්ෂකයින් අයින් කරලා, පින්තුර ගහන එක හැම කාර්යාලයේම අයින් කරලා, එතුමා උත්සහ කලා මෙයාලා මේ බොරුවට කළ වැඩේ ඇත්තට කරන්න.”
Source : News 19