දේශිය සමාගම් සදහා විදෙස් අයෝජන සිදු කිරීමට තිබූ සීමා ලිහිල් කිරීමට අනුමැතිය

දේශිය සමාගම් සඳහා විදේශයන්හි ආයෝජන කිරීමට වන සීමාවන් වැඩිකරමින් ප්‍රකාශයට පත් කර ඇති ගැසට් නිවේදනය සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් කාරක සභාව රැස්වූ අවස්ථාවේ විදේශ විනිමය පනතේ 22වන වගන්තිය යටතේ පසුගිය ජුනි මස 18 වනදා ප්‍රකාශයට පත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයේ නියෝග සඳහා මෙලෙස අනුමැතිය හිමිවු බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය.

ඒ අනුව කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගම් සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත ආයෝජන සීමාව අමෙරිකානු ඩොලර් ලක්ෂ 05 සිට 750,000 දක්වා ඉහළ නැංවීම සිදුවනු ඇත.

ලැයිස්තුගත නොකළ සමාගම් සඳහා අමෙරිකානු ඩොලර් එක් ලක්ෂ 50,000ක් වූ ආයෝජන සීමාව ලක්ෂ 02 දක්වා වැඩිකර ඇති බව සඳහන්ය.

මෙම සීමාවන් ඉක්මවා ආයෝජන සිදුකිරීමට අපේක්ෂා කරන කණ්ඩායම්වලට විදේශ මූලාශ්‍රවලින් අමෙරිකානු ඩොලර් මිලියන 02ක් දක්වා ණය ලබා ගත හැකි අතර එවැනි ඕනෑම ආයෝජනයක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ විශේෂ අනුමැතියක් අවශ්‍ය වන බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *