ලංකාවේ වයසගතම පුද්ගලයා ලෙස වාර්තාවෙන මාගල කොට්ටච්චි නන්දියස් අවුරුදු 110ක් ආයුවලඳා ඊයේ (12) දිනයේදී අප අතරින් සමුගත්තා.
ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය නන්දියස් ලංකාවේ ජීවත් වූ වයස්ගතම මිනිසා ලෙසින් නිල වශයෙන් පිළිගෙන තිබුණා.
මියගිය නන්දියස්ගේ අවසන් කටයුතු අද (13) දිනයේ සිදු කෙරුණා.
1914 ජුනි මාසේ 03 වැනිදා ඉපදුන නන්දියස් ගමේ හැමෝම අතර ප්‍රසිද්ධ වුනේ ලොකු අයියා නමින්.
අවුරුදු 110ක් පුරා උපැස් යුවලක් භාවිතා නොකර අකුරු කියවන්න පුළුවන් වුණුඕහු බොහෝම නිරෝගී දිවි පෙවෙතක් ගත කරපු කෙනෙක්.
මියගිය නන්දියස් දරුවන් සිව් දෙනෙකුගේ පියෙක් වන අතර, සිව් මුණුබුරන්ම දකින්නටම පින්වන්ත වූ පියතුමෙක් බවයි සඳහන් වන්නේ.