දින දෙක­කදී විදේ­ශි­කයෝ 120ක් තාව­කා­ලික රියැ­දුරු බල­පත්‍ර ගනියි

විදේ­ශි­ක­යන්ට තාව­කා­ලික රියැ­දුරු බල­පත්‍ර ලබා­දී­මට කටු­නා­යක ගුව­න්තො­ටු­පොළ පරි­ශ්‍රයේ පසු­ගිය 03 වැනිදා ආරම්භ කළ කවු­ළු­වෙන්  විදේ­ශි­ක­යන් 120 දෙනෙක් පෙරේදා (05) වන විට රියැ­දුරු බල­පත්‍ර ගෙන ඇතැයි  මෝටර් රථ ප්‍රවා­හන කොම­සා­රිස් ජන­රාල් කමල් අම­ර­සිංහ මහතා පව­සයි.

මේ පිළි­බ­ඳව වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“සංචා­රක ප්‍රව­ර්ධ­න­යට සහ සංචා­ර­ක­යන් අප­හ­සු­තා­වට පත්වීම වැළැ­ක්වී­මට වෙනත් රට­ව­ලත් මෙවැනි පහ­සු­කම් ස්ථාපිත කර තිබෙ­නවා. ඒ වෙනු­වෙන් කටු­නා­යක ගුව­න්තො­ටු­පොළේ කවු­ළු­වක් විවෘත කළා. එම සේවාව පැය 24 පුරාම විවෘ­තයි.

සම­හර බල­පත්‍ර ඉල්ලු­වට අපට දෙන්න බෑ. විශේ­ෂ­යෙන්ම ත්‍රීවී­ලර් සහ බර වාහන ධාව­න­යට අව­සර දෙන්නේ නෑ. එවැනි ඉල්ලීම් ප්‍රති­ක්ෂේප කර­නවා. විදේ­ශි­ක­යන්ගේ වීසා කාලය අනුව මාස දෙක සිට මාස පහ දක්වා වීසා බල­ප­ත්‍රයේ සහ රියැ­දුරු බල­ප­ත්‍රයේ වලං­ගු­තාව මත තාව­කා­ලික බල­ප­ත්‍ර­යක් දෙනවා. ඊට අම­ත­රව අපි ස්ථීර බල­ප­ත්‍ර­යක් දෙනවා. ඒක අපි ගුව­න්තො­ටු­පොළේ සිදු කරන්නේ නෑ. සුපු­රුදු පරිදි වේර­හැර කාර්යා­ල­යෙන් එය සිදු කර­නවා. බර වාහන රියැ­දුරු බල­පත්‍ර ගැනී­මට විදේ­ශි­ක­ය­න්ගෙන් දැඩි ඉල්ලු­මක් පව­ති­නවා. එම කවු­ළු­වෙන් බර වාහන බල­පත්‍ර නිකුත් කිරී­මක් සිදු වන්නේ නෑ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *