මට 61 වතාවක් අගමැතිකම ගන්න කිව්වා – සජිත් ප්‍රේමදාස කියයි

තමාට හැට එක් වතාවක් අගමැති ධුරය ලබා ගන්නා ලෙස ඉල්ලා සිටි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී පැවසුවා. විපක්ෂනායකවරයා එසේ කියා සිටියේ, ඊට සුලු වෙලාවකට පෙර ජනාධිපතිවරයා කළ කතාව ගැන සිය අදහස දක්වමින්.

ජනාධිපතිවරයා ඔහුගේ කතාවේදී මතක් කර සිටියේ, විපක්ෂය කුමන හෝ කරුණක් නිසා ආණ්ඩුවේ බිඳවැටීම බලපොරෝතුව බවයි. එමෙන්ම දෙසැම්බර් මාසයේ ජනපති යැයි පැවසූ අය අද පෙනෙන්නට වත් නැති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක එහිදී කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *