ජූලි මාසයේ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩො.මිලියන 700 ඉක්මවා යයි

මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවලට අනුව, 2025 වසරේ ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට ලැබුණු විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 4,435.2ක් ලෙස සටහන් වී තිබෙනවා.

මෙය, පසුගිය වසරේ (2024) එම කාලය තුළ ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියන 3,710.8 හා සසඳන විට 19.5%ක සැලකිය යුතු වර්ධනයක්. මෙම වර්ධනය ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සඳහා ධනාත්මක දර්ශකයක් වන බව ආර්ථික විචාරකයින් පෙන්වා දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *