2030 දී ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කයක් සපුරාගැනීම අපේක්ෂාවයි – අපනයන සංවර්ධන මණ්ඩලය කියයි

2030 වසර වන විට ඇමෙරිකා ඩොලර් බිලියන 36 ක අපනයන ආදායම් ඉලක්කයක් සපුරාගැනීම රජයේ අපේක්ෂාව බව ශ්‍රී ලංකා අපනයන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පවසනවා.

එමෙන්ම මෙම වසර අවසන් වන විට ඩොලර් බිලියන 18 ක අපනයන ආදායම් ඉලක්කය ජයගන්නා බවයි මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ.

මේ අතර පසුගිය වසරවලට සාපේක්ෂව කොළඹ කොටස් වෙළඳපොලේ ගණුදෙනු ද සැලකිය යුතු අගයකින් ඉහළ ගොස් ඇති බව කොටස් වෙළඳපොලේ ප්‍රධාන විධායක නිලධාරී රජීව් බණ්ඩාරනායක මහතා එම මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *