ඌව පළාත් සභාවේ හිටපු අමාත්‍යවරුන් හා ආණ්ඩුකාරවරුන් පරිහරණය කළ අධි සුඛෝපභෝගී වාහන විකිණීම සඳහා මිල ගණන් කැඳවා ඇතැයි නියෝජ්‍ය ප්‍රධාන ලේකම් මූල්‍ය කාර්යාලය සඳහන් කළේය.
ඒ අනුව, පසුගිය කාලයේ ඌව පළාත් සභාවේ මැති – ඇමැතිවරුන් හා ආණ්ඩුකාරවරුන් භාවිත කළ මෙම වාහන නඩත්තුවට සහ ඉන්ධන සඳහා විශාල මහජන මුදලක් වැය වී තිබෙන බැවින් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි රාජ්‍ය ආයතන පරිහරණය කරන අති සුඛෝපභෝගී වාහන මෙසේ වැඩි මුදලට විකිණීමට කටයුතු කර තිබේ. ඌව පළාත් සභාවට දැරිය නොහැකි අධික වියදමක් යන සියලුම වාහන විකිණීමට කටයුතු කරමින් මෙම වාහන සඳහා ලංසු කැඳවා තිබෙන අතර, අගෝස්තු 25 දින උදේ 10.30ට ඉහළම මිල ගණන් ලබා දී තිබෙන ගැනුම්කරුවන්ට ඒවා විකිණීමට කටයුතු සූදානම් කර ඇත.
වාහනයක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන ඕනෑම අයකුට වැඩ කරන දිනවලදී පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් මූල්‍ය කාර්යාලයට පැමිණ ආපසු නොගෙවන රුපියල් 3,000ක මුදල ගෙවා ලදුපතක් ලබාගෙන පළාත් සභාවේ තිබෙන වාහන පරීක්ෂා කර බලා වාහනය මිලදී ගන්නා මුදල ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී තිබේ.