නව පොලිස්පති ධුරයට ප්‍රියන්ත වීරසූරියගේ නම ජනපති අනුර යවයි

නව පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් අද (07දා) රැස්වූ ව්‍යවස්ථාදායක සභාව ගෙන නොමැති අතර, ඒ පිළිබඳ තීරණය ලබන අඟහරුවාදා(12දා) ගැනීමට එහිදී තීරණය කර ඇති බව වාර්තාවේ.

අද දිනයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පොලිස්පති ධූරය සඳහා වර්තමාන වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම එවා ඇති අතර, එම නම රැස්වීමේ අවසන් අවස්ථාවේ ලැබී ඇති බැවින් ඒ පිළිබඳ සාකච්ඡා කිරීම මීළඟ දිනයට ගැනීමට ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් තීරණය කර  ඇති බවද වාර්තා විය. 

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථාදායක සභාව ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *