සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව සම්බන්ධයෙන් විශේෂ විමර්ෂණ අරඹයි

සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද  පැවසීය

විමර්ශන අවසානයේ දී සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු අනාවරණය වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

එම ව්‍යාපෘතිය හරහා රටට විශාල ආදායමක් ලැබුණේ නම් අදාළ පාර්ශව මෙතෙක් නිහඩව සිටීම විශ්වාස කළ නොහැකි බව පැවසු අමාත්‍යවරයා  සුප්‍රීම් සැට් තනි ව්‍යාපෘතියක් නොවේ යයිද සඳහන් කළේය.

නලින්ද  ජයතිස්ස මහතා මෙසේ පැවසුවේ   අද කොළඹදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් කළ විමසුමකදීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *