ආණ්ඩු වීරෝධී බලවේගයක් හදන්න හිටපු ජනපති රනිල් නැවතට සටනට බහියි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ බලවේග එක් කර ගනිමින් පුළුල් ආණ්ඩු විරෝධී පෙරමුණක් ගොඩනැගීමට උත්සාහ කරන බවට සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබෙනවා.

මෙම ප්‍රයත්නය, මීට පෙර පළාත් පාලන ආයතනවල බලය ලබා ගැනීම සඳහා වික්‍රමසිංහ මහතා විසින් දියත් කරන ලද සාකච්ඡාවල අඛණ්ඩ පැවැත්මක් බවයි වාර්තාවේ සඳහන් වන්නේ. එම සාකච්ඡා වලදී ඇති කරගත් එකඟතා තවදුරටත් පුළුල් කිරීම ඔහුගේ අරමුණ වී තිබෙනවා.

මේ අතර, වික්‍රමසිංහ මහතාගේ ආන්දෝලනාත්මක විදෙස් සංචාරයක් පිළිබඳව සිදුකරන පරීක්ෂණ කඩිනම් කිරීම මෙම දේශපාලන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විය හැකි බවටද සන්ඩේ ටයිම්ස් පුවත්පත අනුමාන කර තිබෙනවා. එම විමර්ශනයට අදාළව, හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරිය සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *