සෑම පළාතකටම අපරාධ කොට්ඨාසයක් ආරම්භ කළ බව වැඩබලන පොලිස්පති කියයි

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ප්‍රකාශ කළේ අපරාධ මැඩලීමේ මෙහෙයුම්වලට සමගාමීව සෑම පළාතකම අපරාධ කොට්ඨාසයක් ස්ථාපිත කර ඇති බවයි.

මෙම නව අපරාධ කොට්ඨාස, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන බව ඔහු පැවසුවා.

එමෙන්ම, පොලිස් නිලධාරීන්ගෙන් මහජනතාවට සිදුවන අසාධාරණ වැරදි පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ද ආරම්භ කර ඇති බව වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *