කිරි පැකට් එකක මිල රුපියල් 200ක් දක්වා ඉහළ දමයි

යෝගට් සහ කිරි පැකට් මිල ගණන් ඉහළ ගොස් ඇති බව ජාතික පාරිභෝගික පෙරමුණ පවසනවා.

එහි සභාපති අසේල සම්පත් සදහන් කළේ VAT බද්ද හේතුවෙන් මෙලෙස මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි.

මේ අනුව යෝගට් මිල රුපියල් 10කින් ඉහළ ගොස් ඇති අතර,රුපියල් 70ට පැවති යෝගට් එකක් රුපියල් 80ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කිරි පැකට්ටුවක මිල ඉහළ ගොස් ඇත්තේ, රුපියල් 40කින් වන අතර, ඒ අනුව එහි නව මිල රුපියල් 200ක් වන බවයි සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *