වසර 32කට පසු මෙරට තුළ ජාතික තරුණ සමුළුවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසනවා.
”අවුරුදු 32ක් පුරාවට ජාතික තරුණ සමුළුවක් පැවැත්වීමට කටයුතු කරලා නැහැ . Youth club පිහිටුවීම ආරම්භ කරන විටත් එතෙක් පිහිටුවා තිබූ තිබූ Youth club වලින් වැඩි ප්‍රමාණය අක්‍රිය මට්ටමේ තිබුණේ. දිස්ත්‍රික් සම්මේලන 6ක් පවත්වා නොමැති තත්ත්වයක් තිබුණා.
දැන් ජාතික තරුණ සම්මේලනය අගෝස්තු 12වැනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට අපි කටයුතු කරනවා. ඒ සඳහා තරුණ තරුණියන් 6000කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතයි.
මේ වන විට රට පුරා පිහිටි ග්‍රාම සේවා වසම් 14,002 ක සංඛ්‍යාවෙන් ග්‍රාමසේවා වසම් 12,700කට වැඩි ප්‍රමාණයක Youth club පිහිටුවා අවසන්. ප්‍රාදේශීය සම්මේලන හා දිස්ත්‍රික් සම්මේලන සියල්ල පවත්වා අවසන්” යැයි තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.
මෙහිදී අදහස් දක්වමින් ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න පැවසුවේ, මේ වන විට ජාතික සම්මේලනය සඳහා තේරී පත්ව සිටින තරුණ තරුණියන් 52 දෙනෙකු පුහුණු කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි. ඒ අනුව අගෝස්තු 12 වැනිදා පැවැත්වෙන Youth Club ජාතික සම්මේලනයේ දී නව නිලධාරි මණ්ඩලය හඳුන්වා දීමට කටයුතු කරන බව ද සභාපතිවරයා ප්‍රකාශ කළා.