හිටපු මැති ඇමති පිරිසක් රටින් පලා යයි – අල්ලස් කොමිසම ඉන්ටපෝල් වරෙන්තු ගන්න යයි

දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබන විමර්ශන මගහරිමින් විදෙස් රටවලට පලා ගොස් සිටින හිටපු අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසියේ (ඉන්ටර්පෝල්) සහය ලබා ගැනීමට නියමිතය.

අදාළ විමර්ශනවලට අදාළව ප්‍රකාශ ලබා දීම සඳහා මෙරටට පැමිණෙන ලෙසට මෙම පුද්ගලයන් වෙත WhatsApp, විද්‍යුත් තැපෑල සහ අදාළ තානාපති කාර්යාල හරහා දැනුම් දී ඇත.

අල්ලස් කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරියකු පැවසුවේ, මෙම දැනුම් දීම්වලට ප්‍රතිචාර නොදක්වන පුද්ගලයන් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර, ජාත්‍යන්තර පොලිසිය මගින් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන (Red Notices) ලබා ගැනීමට කටයුතු කරන බවයි.

මෙලෙස විදෙස්ගතව සිටින්නන් අතර හිටපු කැබිනට් අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් ඇතුළු ඉහළ තනතුරු දැරූ නිලධාරීන් රැසක් සිටින බව වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *