රජය විසින් ක්‍රියාත්මක කරන ලද නව ක්‍රමවේදය හේතුවෙන් දුම්රිය ටිකට් පත් ව්‍යාජ ලෙස අලෙවි කිරීමේ ජාවාරම (ටිකට් මාෆියාව) සාර්ථකව අවසන් කිරීමට හැකි වී තිබේ. අද දින (අගෝස්තු 11) බදුල්ල බලා ධාවනය වූ සුඛෝපභෝගී ‘පොඩි මැණිකේ’ දුම්රියේ තත්ත්වය මේ බව තහවුරු කරයි.
නව ක්‍රමවේදයට අනුව, අදාළ දුම්රිය මැදිරිවලට ඇතුළු වූ මගීන් පරීක්ෂා කිරීමේදී හඳුනාගැනීමට හැකි වූයේ දේශීය මගීන් 6 දෙනෙකු සහ විදේශීය මගීන් 8 දෙනෙකු පමණි. ඔවුන් සියලු දෙනාම තම හැඳුනුම්පත් හෝ විදේශ ගමන් බලපත්‍ර අංක සමඟ ටිකට්පත් ගලපා පෙන්වීමට සමත් විය.
කෙසේ වෙතත්, මෙම දුම්රියේ සියලුම ආසන සඳහා ටිකට්පත් විකිණී තිබීම විශේෂත්වයකි. මෙම තත්ත්වය අනුව, මීට පෙර සිදුවූ පරිදි ව්‍යාජ ටිකට්පත් විකිණීමේ ජාවාරම සම්පූර්ණයෙන්ම පරාජය කිරීමට රජය සමත් වී ඇති බව පැහැදිලි වේ.

