විදේශ රටවල අධ්‍යාපනය ලැබීම සඳහා ජනාධිපති අරමුදලින් ලබාගත් මුදල්, හිටපු මැති ඇමතිවරුන්ගේ දූ දරුවන් සහ ඥාතීන්ගෙන් නැවත අයකර ගැනීමට රජය සූදානම් වන බව වාර්තා වේ.
ජනාධිපති අරමුදල් පනත යටතේ විදේශ අධ්‍යාපන ශිෂ්‍යත්ව සඳහා මුදල් ලබා දීමේ කිසිදු නීතිමය ප්රතිපාදනයක් නොමැතිවීම මෙයට හේතුව වී තිබේ.
හිටපු මැති ඇමතිවරුන්ට සම්බන්ධ පුද්ගලයන් 72 දෙනෙකු විදේශ අධ්‍යාපනය සඳහා මෙලෙස ජනාධිපති අරමුදලින් මුදල් ලබාගෙන ඇති අතර, එම මුදල රුපියල් කෝටි 20කට අධික බව සඳහන් වේ. මෙම මුදල් නැවත අයකර ගැනීම සඳහා ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පෙන්වා දෙයි.