ජනාධිපති වරප්‍රසාද යළි ඉල්ලන් නඩුවට මම නෑ – හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කියයි

ජනාධිපති  හිමිකම් පනත අහෝසි කිරීමට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග කිසිවකට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සම්බන්ධ නොවන බව එම මාධ්‍ය ඒකකය  පවසයි.

අනෙක් හිටපු ජනාධිපතිවරුන් සිවු දෙනා සමග එක්ව චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියද ජනාධිපති  හිමිකම් පනත අහෝසි කිරීමට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගන්නා බවට පළ වන තොරතුරු වල සත්‍යයක් නැතැයිද මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

ජනාධිපති  හිමිකම් පනත අහෝසි කිරීමට එරෙහි කිසිදු නෛතික ක්‍රියාවකට හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සම්බන්ධ වී නොමැති බවද මාධ්‍ය ඒකකය අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *