ග්‍රාමීය බස් සේවා ලාභ නොලැබුවත් ජනතාවට උපරිම සේවයක් දෙන්න සැලසුම් හදන්න,වියදම් රජයෙන් – ජනපති උපදෙස් දෙයි

ග්‍රාමීය මාර්ග­වල බස් රථ ධාව­නය ලාභ නොල­බන කට­යු­ත්තක් වුවත්, එම බර­පැන රජ­ය දර­මින්  ජන­තා­වට උප­රිම සේව­යක් දීමට සැල­සුම් සකස් කරන ලෙස ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා අදාළ නිල­ධා­රීන්ට උප­දෙස් දුන්නේය.

එම උප­දෙස් ලබා දුන්නේ ප්‍රවා­හන, මහා­මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමා­ත්‍යාං­ශ­යට අදාළ 2025 වසරේ අය-වැය ප්‍රති­පා­දන පිළි­බඳ සමා­ලෝ­ච­නය සහ 2026 වස­රට අදාළ අය-වැය යෝජනා පිළි­බඳ පූර්ව සාක­ච්ඡා­වේ­දීය. ජනා­ධි­පති කාර්යා­ල­යේදී ඊයේ (13) පෙර­ව­රුවේ එම සාක­ච්ඡාව පැවැ­ත්විණි.

ඉදිරි අය-වැය සැල­සුම් කිරී­මේදී පවත්නා තත්ත්ව­යෙන් රට ඉහ­ළට ඔසවා තැබී­මට වැද­ගත් වන අංශ­ව­ලට  ප්‍රමු­ඛ­තාව දීමේ අව­ශ්‍ය­තාව ද මෙහිදී ජනා­ධි­ප­ති­ව­රයා අව­ධා­ර­ණය කළේය. ඒ අනුව ප්‍රවා­හන, මහා­මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අංශ මෙරට ආර්ථි­ක­යට දායක කර­ගැ­නීම මූලික කර ගත් ව්‍යාපෘති කෙරෙහි වැඩි අව­ධා­න­යක් යොමු කරන ලෙස ද ජනා­ධි­ප­ති­ව­රයා  නිල­ධා­රීන්ට උප­දෙස් දුන්නේය.

මෙහිදී ප්‍රවා­හන ක්ෂේත්‍ර­යට අදා­ළව වෙන් වෙන් වශ­යෙන් මහා­මාර්ග, අධි­වේගී මාර්ග සහ ග්‍රාමීය මාර්ග ආදිය පිළි­බඳ සාකච්ඡා වූ අතර, වරාය සහ එහි කට­යුතු සඳහා අය-වැයෙන් වෙන් කර ඇති ප්‍රති­පා­දන, එම ප්‍රති­පා­දන භාවිත කර ඇති ආකා­රය මෙන්ම අනා­ගත සැල­සුම් පිළි­බ­ඳව ද මෙහිදී ජනා­ධි­ප­ති­ව­රයා විම­සු­මට ලක් කළේය.

ප්‍රවා­හන, මහා­මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නා­යක, ප්‍රවා­හන සහ මහා­මාර්ග නියෝජ්‍ය ඇමැති, වෛද්‍ය ප්‍රසන්න ගුණ­සේන, වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති,  ඉංජි­නේරු ජනිත රුවන් කොඩි­තු­වක්කු, ජනා­ධි­පති ලේකම්, ආචාර්ය නන්දික සනත් කුමා­නා­යක, මුදල් අමා­ත්‍යාං­ශයේ ලේකම්, ආචාර්ය හර්ෂණ සූරි­ය­ප්පෙ­රුම, ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ අති­රේක ලේකම් රසල් අපෝන්සු, ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ අති­රේක ලේකම් කපිල ජනක බණ්ඩාර  මහ­ත්ව­රුන් ඇතුළු ප්‍රවා­හන, මහා­මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමා­ත්‍යාං­ශයේ ජ්‍යෙෂ්ඨ නිල­ධා­රීහු මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *