සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) මොනරාගල පැවති රැස්වීමක් ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට එම අවස්ථාවට ඉඩ නොදී හරවා යැවීමට පියවර ගෙන තිබේ. මොනරාගල, මාගන්දන මුල්ල පාරේ පිහිටි පෞද්ගලික නිවාඩු නිකේතනයක මේ රැස්වීම පවත්වන්න යෙදුණේ සමගි ජන බලවේගයේ මොනරාගල දිස්ත්‍රික් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සමඟිනි.
විපක්ෂ නායක, පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ රැස්වීමට සජබ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහත්වරු සහභාගි වූහ.
පක්ෂයේ මොනරාගල දිස්ත්‍රික් දේශපාලන අධිකාරිය විසින් කළ ආරාධනාවකට අනුව එහි ගිය මාධ්‍යවේදීන් ඉවත් කරනු ලැබුවේ මේ රැස්වීම පක්ෂයේ අභ්‍යන්තර කටයුත්තක් බව සඳහන් කරමිනි.