මහා භයානක තත්ත්වයක් – සියදිවි නසා ගැනීම් ක්‍රමයෙන් වැඩිවෙයි

දකුණු ආසියාවේ රටවල් අතරින් වැඩිම සියදිවි හානිකර ගන්නා පුද්ගල සංඛ්‍යාව ශ්‍රී ලංකාව තුළින් ඉදිරියට ගොස් ඇති බව සමීක්ෂණ වාර්තා පදනම් කොටගෙන හෙළිදරව් කරගෙන ඇතැයි පේරාදෙණිය විශ්වවිiාලයේ ආර්ථික විiා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවැසීය.

පසුගිය 2022 වසරේදී පුද්ගලයන් 3,406 දෙනකු සියදිවි හානි කරගෙන ඇති අතර, එම සංඛ්‍යාව 2021දී 3,279ක් වශයෙන්ද, 2020දී 3,074ක් වශයෙන්ද පෙන්නුම් කෙරේ. ඒ අනුව ක්‍රමික වැඩිවීමක් සිදුවන බවයි මහාචාර්යවරයා පවසන්නේ.

වයස 20ට අඩු පුද්ගලයන්
295 (8.6%) 21-30 අතර
656 (18.7%) 31-40 අතර
515 (15.1%) 41-50 අතර
484 (14.2%) 51-60 අතර
556 (16.3%) 61-70 අතර
472 (13.8%) 21-30 අතර
448 (13.1%)

ආර්ථික දිළිඳුභාවය මත පුද්ගලයන් 192ක් සහ පවුල් ආරවුල් මත 593ක් ද සියදිවි හානි කරගෙන ඇති අතර, සිය දිවි හානිකරගෙන ඇති ක්‍රමවේදයන් අනුව 70%ක්, එනම් පුද්ගලයන් 2,350 දෙනකු ගෙල සිරකරගෙන මියගොස් ඇත.

මේ අතර, පාසල් නොගිය පුද්ගලයන් 101 දෙනකුද (3%), පළමු ශ්‍රේණියේ සිට 7 වැනි ශ්‍රේණිය දක්වා පන්තිවල සිටින ළමුන් 536ක්ද (16%), 8 වැනි ශ්‍රේණිය සමත් 1,110ක් (33%), සාමාන්‍ය පෙළ සමත් 1,089ක් (32%), උපාධිධාරීන් හෝ ඊට ඉහළ අධ්‍යාපනයක් ලද පුද්ගලයන් 22ක් (1%), වෙනත් සුදුසුකම් ලත් අය 333ක් (10%) සියදිවි හානි කරගෙන ඇත.

සියදිවි හානි කරගත් පුද්ගලයන් අතර කෘමිනාශක පානය කළ පුද්ගලයන් සංඛ්‍යාව 474කි.

මෙම සමීක්ෂණ තොරතුරු විග්‍රයේදී පොලිස් වාර්තා පදනම් කරගත් බවද මහාචාර්යවරයා පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *