තලතාගේ අනුමැතිය නැතිව එජාප මාධ්‍ය හමු තහනම් කරයි

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් රූපවාහිනී, ගුවන්විදුලි හෝ සමාජ මාධ්‍ය වැඩසටහන් සඳහා සහභාගී වීමට අපේක්ෂා කරන පක්ෂ නියෝජිතයින් සහ මන්ත්‍රීවරුන් සඳහා විශේෂ දැනුම්දීමක් පක්ෂය විසින් නිකුත් කර තිබේ.

මෙම නිවේදනයට අනුව, පක්ෂය නියෝජනය කරමින් එවැනි වැඩසටහන් සඳහා සහභාගී වීමට නම් පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරල මහත්මියගේ පූර්ව අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය කර ඇත.

මෙම ක්‍රියාපටිපාටියට පටහැනිව, පක්ෂයේ අනුමැතියකින් තොරව යම් පුද්ගලයෙකු මාධ්‍ය වැඩසටහනකට සම්බන්ධ වුවහොත්, එම පුද්ගලයාගේ අදහස් හෝ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය කිසිදු වගකීමක් නොදරන බව ඇය මාධ්්‍ය ආයතන වෙත දන්වා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *