විදේශීය සංවිධාන සමඟ එක්වී පිරිසක් මෙරට තුළ සමලිංගිකත්වය ප්‍රචලිත කිරීමට කටයුතු කරමින් සිටින බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසති.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ ඇතැම් දේශපාලන පක්ෂ මෙන්ම දේශපාලන නායකයින්ද මේ සඳහා සම්බන්ධ වී සිටින බවයි.
ඊයේ (14) කොළඹදී පැවති රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ධර්ම කීර්ති ශ්‍රී ආචාර්ය අකුරැටියේ නන්ද නායක ස්වාමීන් වහන්සේ වෙත මියන්මාර රජයෙන් පිරිනැමූ අග්ගමහා පණ්ඩිත ගෞරව නාමය පිළිගැන්වීමේ උත්සවයට එක්වෙමින් කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළහ.
මෙම අවස්ථාවට එක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ, ව්‍යවස්ථා සංශෝධනයකදී මානව අයිතිවාසිකම් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි.