ඉදිරි සති දෙක ඇතුළත දෙමටගොඩ රුවන්ගේ-කරන්දෙණියේ සුද්දාගේ කෝටි ගානක දේපල රජයට පවරා ගනියි

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු බව කියන දෙමටගොඩ රුවන්ට සහ කරන්දෙණියේ සුද්දාට අයත් රුපියල් කෝටි ගණනක දේපළ ඉදිරි සති දෙක ඇතුළත රජයට පවරාගෙන රාජසන්තක කිරීමට කටයුතු කරන බව නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය පවසයි.

මෙම ජාවාරම්කරුවන්ට අයත් කෝටි ගණනක් වටිනා ගොඩනැඟිලි, වාහන ඇතුළු දේපළ රැසක් මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයාගෙන ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

ඒ අනුව මොවුන් සතු මෙම දේපළ රජයට පවරාගෙන ඒවා රාජසන්තක කිරීමට අවශ්‍ය කටයුතු ඉදිරි සති දෙක තුළ සිදුකරන බව පොලිස් ආරංචි මාර්ග කියයි.

දෙමටගොඩ රුවන් නමැත්තාට අයත් රුපියල් කෝටි 78කට අධික වටිනාකමෙන් යුත් දෙමටගොඩ නගරයේ පිහිටි ගොඩනැඟිල්ලක් ද මේ ආකාරයට රජයට පවරා ගැනීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *