විශ්‍රාම වැටුප අහෝසි කරන තීරණය දෙවරක් හිතන්න – හිටපු කතානායක කරූ ජයසූරිය ජනපතිගෙන් ඉල්ලයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප කප්පාදු කිරීමට රජය ගෙන ඇති තීරණය ගැන දෙවරක් සිතා බලන්නැයි විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ සංසදයේ සභාපති හිටපු කතානායක කරු ජයසූරිය මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

මෙම විශ්‍රාම වැටුපෙන් හිටපු මන්ත්‍රීවරුන් මෙන්ම මන්ත්‍රී වැන්දඹුවන් 490ක් පමණ යැපෙන බව පවසන ජයසූරිය මහතා අතලොස්සක් හැරෙන්නට බොහෝ අය සිය ජීවිතය ගැට ගසා ගන්නේ මෙම විශ්‍රාම වැටුපෙන් බවද ප්‍රකාශ කළේය.

එසේම පක්ෂ නායකයන් සිවු දෙනකුද මෙම විශ්‍රාම වැටුපෙන් යැපෙන බව ඔහු ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *