රට හදපු හැදිල්ලට පවුලේ ඔක්කොටම නඩු – වසන්ත සමරසිංහ

පසුගිය ආණ්ඩු විසින් ගෙන ආ ආයෝජන නිසා අද උසාවිවල නඩු ඇසෙන බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

ඒ අනුව, රට ගොඩ නැගූ තරම කෙසේද යත්, පවුලේ සියලු දෙනාටම නඩු වැටී ඇති බවයි අද (19) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

වත්මන් ආණ්ඩුවට රට හදන ලෙස ඔවුන් පවසන බවද, පාසැල්, මාර්ග සහ පාලම් හදන ලෙසට ප්‍රකාශ කරන බවද, නමුත් මෙතෙක් කල් බිලියන 30,000 ක් ණය ලබාගෙන ඔවුන් සිදු කළේ කුමක්දැයි යන්න ගැටලු සහගත බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

තමන්ට රට මුල සිටම ගොඩ නැගීමට සිදු වී ඇති බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *