අල්ලස් කොමිසම බලශක්ති ඇමති ගැන ඉදිරි ක්‍රියමාර්ග ගන්නවනම් අපි කැමතියි – ඇමති නලින්ද ජයතිස්ස කියයි

බලශක්තිය අමාත්‍ය කුමාර ජයකොඩිට අල්ලස් කොමිසම විසින් විමර්ශනයක් සිදු කරන බවට යම් තොරතුරක් මාධ්‍යවල වාර්තා කර තිබූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළා.

ඊයේ පැවිති කැබිනට තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් මේ බව සඳහන් කළ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ,

“මේක කුමාර ජයකොඩි අමාත්‍යතුමා අමාත්‍යධුරය බාරගත්තට පස්සේ සිදු කළ කටයුත්තක් වෙනුවෙන් ආපු ප්‍රශ්නයක් නෙවෙයි,ඔහු රාජ්‍ය සේවකයෙකු ලෙස කටයුතු කරන සමයේදී 2005 සිට 2015 දක්වා කටයුතු කරපු ආයතනයක පහළ ශ්‍රේණියේ කිහිප දෙනෙකු විසින් සිදු කරන ලද යම් අඩුපාඩුකමකට තමයි ඔහුට චෝදනා එල්ල වෙලා තියන්නේ. මෙතනින් එහාට කටයුතු අල්ලස් කොමිසම විසින් සිදු කරනු ඇතැයි සිතනවා. අල්ලස් කොමිසමට අවශ්‍ය නම් නඩු පවරන්න පුළුවන්.

මේකෙ තියෙන වැදගත්ම දේ අමාත්‍යවරයෙකුට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්‍ෂණයක් සාධාරණව කරගෙන යාමට අවස්ථාව ලබාදීම තමයි රජයේ ප්‍රතිපත්තිය.මේ නිසා අපි කැමතියි අල්ලස් කොමිසම ඉදිරි ක්‍රියා මාර්ග ගන්නවනම්. එතකොට අමාත්‍යවරයාගේ පැත්තෙන් නිර්දෝෂීභාවය පෙන්වන්න ඔහුට හැකියාවක් තියෙනවා”

යනුවෙන් කැබිනට ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මාධ්‍ය වෙත සඳහන් කරමින් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *