ආචාර්ය නන්දා මාලනී නමින් ගුවන් විදුලියේ 09වන මැදිරිය නම් කරයි

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ 9 වැනි මැදිරිය ආචාර්ය නන්දා මාලිනි මැදිරිය නමින් හෙට (22) පෙරවරු 8.30 ට නම් කරන බව එහි සභාපති උදිත ගයාෂාන් ගුණසේකර පවසනවා.

මෙම අවස්ථාවට අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සහභාගි වීමට නියමිතයි.

එමෙන්ම සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න, කෘතහස්ත ගේය පද රචක කුලරත්න ආරියවංශ වැනි ප්‍රවීණ ගී පද රචකයන් ද එම අවස්ථාවට සහභාගී වීමට නියමිතයි.

ආචාර්ය නන්දා මාලිනි මැදිරිය විවෘත කිරීම මෙන්ම ඇයගේ ඡායාරූපයක් ද මෙහිදී නිරාවරණය කෙරෙනවා.

මීට අමතරව ඇයට තිළිණ ප්‍රදානයක් සිදු කිරීමට ද නියමිත බව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයා පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *