මුදල් අච්චු ගැසීම ගැන ඇතැමුන් කරන ප්‍රකාශවලට රැවටෙන්න එපා – මහ බැංකුව නිවේදනය කරයි

මුදල් අච්චු ගැසීම” යනුවෙන් පොදුවේ හඳුන්වනු ලබන්නේ මහ බැංකුව විසින් ම ආර්ථිකය වෙත අලුත් මුදල් නිකුත් කිරීමයි. මෙලෙස ආර්ථිකය වෙත නව මුදල් නිකුත් කිරීමේ ප්‍රධාන ආකාරයක් වන්නේ මහ බැංකුව විසින් ම රජයේ සුරැකුම්පත් මිලදී ගැනීමයි. මෙමගින් මහ බැංකුව සතු රජයේ සුරැකුම්පත් තොගය ඉහළ යන අතර, ආර්ථිකයට අලුතින් මුදල් එකතු වේ.

“පුළුල් මුදල් සැපයුම (M2b)” යනු ආර්ථිකයේ සමස්ත මුදල් සැපයුම නිර්වචනය කළ හැකි ආකාරයක් පමණි. පුළුල් මුදල් සැපයුම (M2b) තුළ මහජනතාව සතු ව්‍යවහාර මුදල් වලට අමතරව තවත් සංරචක කීපයක් ඇතුළත්වේ. බැංකු පද්ධතිය මගින් පෞද්ගලික අංශයට ලබා දුන් ණය, බැංකු පද්ධතිය මගින් රජයට ලබා දුන් ණය, බැංකු පද්ධතිය මගින් රජය සතු වාණිජ ව්‍යාපාර වෙත ලබා දුන් ණය සහ බැංකු පද්ධතිය සතු විදේශීය වත්කම් යනාදිය පුළුල් මුදල් සැපයුම (M2b) තුළ අන්තර්ගත වේ.

මේ නිසා, පුළුල් මුදල් සැපයුමේ වෙනස් වීම, මුදල් අච්චු ගැසීම ලෙස අර්ථ දක්වන්නේ හුදෙක්ම ඒ පිළිබඳව මූලික අවබෝධයක්වත් නොමැති බැවින් හෝ දැනදැනම මහජනතාව නොමග යැවීමේ අරමුණින්‍ ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *