වර්තමාන ආණ්ඩුව නීතියේ ආධිපත්‍ය තහවුරු කරමින් සිටින බවත්, තරාතිරම නොබලා නීතිය එක ලෙස ක්‍රියාත්මක වෙන බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
ඒ අද (22) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින්. අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, පොලිස්පති ද ? නියෝජ්‍ය පොලිස්පති ද ? හිටපු ජනාධිපති ද ඊට අදාළ නොවන බවයි.
කවුරුන් හෝ වරදක් කර ඇත්නම් නීතිය ඉදිරියට ඔවුන්ව ගෙනඒමට පසුබට නොවන බව ද පැවසු අමාත්‍යවරයා, මේ වනවිට සිදුවෙමින් ඇත්තේ එලෙස වැරදි කරන ලද පිරිස් තරාතිරම නොබලා නීතිය ඉදිරියට ගෙන ඒම බව ද කියා සිටියා.
ඒ අනුව සෑම වින්දිතයෙකුටම සාධාරණත්වය, යුක්තිය ඉටු කරන බවට වූ සහතිකය රජයක් ලෙස ලබාදෙන බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.