හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇප මත මුදා හරියි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇප මත මුදාහැර තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා අද (22) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රජයේ මුදල් භාවිත කරමින් සිදුකරන ලද පුද්ගලික විදෙස් සංචාරයක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම් සඳහා අද (22) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණා.

එහිදී පැය හතර හමාරක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට මෙලෙස ඉදිරිපත් කරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *