මර්දනයට විරුද්ධව එකතු විය යුතුයි – අකිල විරාජ් කාරියවසම්

රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේ, යම් පිරිසක් මර්දනයකට ලක් වන්නේ නම් ඒ වෙනුවෙන් හඬක් නැගීමට සියලු දෙනාම එකතු විය යුතු බවයි.

“යමෙක් මර්දනයක් කරනවා නම් අපි ඒකට එකතු වෙන්න ඕනේ. එහෙම නොවුණොත් අපේ ගෙදරට ඇවිල්ලා තට්ටු කරනකොට තමා අපිට තේරෙන්නේ” යනුවෙන් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. එසේ නොවුණහොත්, එම මර්දනය තමන්ගේ නිවසටම පැමිණෙන දිනය වැඩි ඈතක නොවන බව ද ඔහු පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *